Sunday, January 31, 2010

හයිකාවා ආයතනයේ සේවකයින් දැඩි අර්බුධයක

මීට මාස කිහිපයක සිට කටුනායක නිදහස් වෙළද කළාපයේ තුන් වන අදීයරේ පිහිටා ඇති හයිකාවා පෞද්ගලික ආයතනයේ සේවක සේවිකාවන් දඩි අර්බුධකාරී තත්වයකට මුහුන දෙමින් සිටී.

2009 නොවැම්බර් මාසයේ වැටුපද නියමිත දිනෙන් දින ගණනාවකට පසු කොටස් දෙකක් වශයෙන් ගෙවා දමා ඇති අතර 2009 දෙසැම්බර් මාසයේ වැටුපද 2010/01/25 වන දින තෙක් සේවකයින්ට ලබා දී නොතිබුනි .

ආයතනයේ තත්වය මෙවන් පසුබිමක පවතිද්දී අනෙක් අතින් පසුගිය මැතිවරණය සදහා තම ගම් බිම් බලා පිටත් වීමට මුදල් නොමැතිව සිටි සේවකයින් තවත් අසරන තත්වයකට පත් කිරීමට බෝඩිං හිමියන් කටයුතු කිරීමට ගිය බවද වාර්ථා විය.

එම මැතිවරන කාලය තුළ කටුනායක ප‍්‍රදේශයේ නේවාසිකව සිටින සියල්්ලන් ගම්බිම් බලා පිටත්ව යා යුතු බවත් නිදහස් වෙළද කළාප ඇතුඑ තාවකාලික පදිංචි කරුවන් මෙම දින තුල නේවාසිකාගාර තුල සිටිමට අවසර නොදෙන ලෙසත් පොළීසිය ප‍්‍රකාශ කළ බවට රාවයක් ප‍්‍රචාරය වීම එම තත්වයට හේතු විය.

එම පසුබිම තුල ඉතාමත් අසරන තත්වයට පත් වූ කමිකරුවන් වෙනුවෙන් StandUp සංවිධානය මැදිහත්ව මෙම ගැටඑව ප‍්‍රගති සංගමය වෙත යොමු කිරීමෙන් අනතුරුව 2010/01/25 දින හවස් වන විට වැටුප් ලබා දීමට කටයුතු කරුන ලදි .

එමෙන්ම පසු ගිය මාස කිහිපයක සිට සේවක අර්ථ සාදක හා භාර කාර අරමුදල් නිසි ලෙස ගෙවීමි පැහැර ඇති බව වාර්ථා වන අතර ෙමි වන විට මෙම ආයතනයේ සේවකයින් 150 දෙනෙකු පමන ඉතාමත් අපහසුතාවයට පත්ව ඇත.

ආයතනයේ හිමිකරුවන් අතර ඇති තම වත්කමි ප‍්‍රමානය පිලිබද ගැටඑවක් මෙම තත්වයට හේතු වී ඇති අතර සේවකයින්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් අශිලා නිරෝෂීනී මාපලගම මහත්මිය හා අරුල් ජෝෂප් මහතා ෙමි වන විට මැදිහත්ව ක‍්‍රියා කරමින් සිටී.

2 comments: