Friday, January 29, 2010

නිදහස් වෙළද කළාපීය කමිකරුවන්ට 15 %ක වැටුප් වැඩි කිරිමක්



අද දින (2010/01/19 පෙ ඃ ව ඃ 11 . 30 ට පමණ ලෝක වෙළද මධ්‍යස්ථානයේ දී ශ‍්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති හා අධ්‍යක්ෂක ජනරාල් ධම්මික පෙරේරා මහතා සහ ඇඟ`එම් කේෂ්ත‍්‍රයේ කම්කරු අයිතිවාසිකම් සදහා වූ ව්‍යාපාරය / පවත්වන ලද සාකඡ්චාවකදී ෙමි වන විට ආයෝජන ප‍්‍රවර්ධන කළාප සේවකයින් සදහා ගෙවීමට නියම කර ඇති රු 500.00 යේ වැටුප් වර්ධකය වෙනුවට 15‍්‍% ක වැටුප් වර්ධකයක් ලබා දීමට එකග විය. එ් අනුව කමිකරුවන් පසුගිය දෙසැමිබර් මාසයේ ලබා ගත් තම මූලික වැටුප 15‍% කින් ඉහල දැමීමට නියමිතය.

මෙහිදී එ් මහතා ආයෝජකයන් මුහුන දී තිබෙන අර්බුධකාරී තත්වය දිගින් දිගටම ප‍්‍රකාශ කල අතර , වැටුප් වර්ධක සමිබන්ධව ඉදිරි ක‍්‍රියාකාරීත්වයකදී ආයෝජකයන්ගේ හැකියාවන් පිලීබද පූර්ණ නිගමනයකින් අනතුරුව සිදු කිරීමට ALaRM සංවිධානයේ එකගත්වය විමසා සිටිින ලදි. එහිදී පිළිතුරු දුන් ALaRM සාමාජිකයන් බොහෝ ආයතන ප‍්‍රධානීන් තම පෞද්ගලික ලාභය මත පමනක් කටයුතු කිරීෙමි තත්වයක් තූළ එම ක‍්‍රමයෙහි ප‍්‍රායෝගික දුෂ්කරතා පැවතිමට ඉඩ ඇති නමුත් සාකඡ්චා කර පසුවට දැනුමි දිය හැකි බවයි .

මෙහිදී සාකඡ්චාවට බදුන් කළ කරුණු අතර කමිකරුවන්ගේ සුභසාධන හා පහසුකමි දියුනු කිරිම , කටුනායක පොළිස්ථානය තුල සේවක ආරක්ෂාව තහවුරු වන ආකාරයේ ප‍්‍රතිසංස්කරණ ඇති කිරිම හා සේවකයන්ගේ සෞක්‍ය වැඩි දියුනු කිරිම ප‍්‍රධාන ෙවි.

අවසාන වශයෙන් වාචිකව එකග වූ වැටුප් වර්ධකය පිලිබද වගකිවයුත්තන් සමග සාකඡ්චා කිරීමෙන් අනතුරුව කඩිනමින් නිළ වශයෙන් ප‍්‍රකාශයට පත් කිරීමට එකග වූ ශ‍්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති හා අධ්‍යක්ෂක ජනරාල් ධම්මික පෙරේරා මහතා මෙම සාකඡ්චාව ඉදිරියටත් පවත්වාගෙන යමින් කටයුතු කරන මෙන් ALaRM සංවිධානයට යෝජනා කරන ලදි. මෙම අවස්ථාවට ජනධිපති සම්බන්ධීකරන ලේකම් වරයෙකු වූ නිමල් වීරතුංග , ළමා හා සමාජ සංරක්ෂන අමාත්‍යාංශය නියෝජය කරමින් ජගත් වැල්ලවත්ත යන මහත්වරැන්ද සහභාගී විය.

2010.01.19

No comments:

Post a Comment