Friday, January 29, 2010

500 ට ස්තුතියි ඒත් හොදටෝම මදි


2010 වරශයේ වැටුප් වැඩි වීම .

ටොරයිඩි ආයතනය 1800.00
බ‍්‍රාටෙක්ස් ආයතනය 1300.00
නයිගයි ආයතනය 1000.00
ඒටී ජී ග්ලවිස් ආයතනය 500.00

එහෙත් බොහෝ ආයතනවල මෙි පිළිබද කිසිදු දැනුමි දීමක් මෙි වන තෙක් සිදු කර නැත. බත් පැකටි එකේ සිට රී-ලොඩි එක දක්වා ප‍්‍රධාන අත්‍යවශය භාන්ඩ සදහා මෙන්ම ප‍්‍රවාහන ගාස්තු වන සිට සෞක්‍ය සේවය දක්වා සේවාවන් සදහා ද දැරීමට සිදු වන වියදම සෑම උදෑසනකම එකින් එක වැඩි වන යුගයක් දක්වා අද අප පොදුවෙි ගමන් කරමින් සිටී

කන්න බොන්න අදින්න ගෙදරට යවන්න මෙි සියඑ දේ සදහා එකම මග වූ වැටුප ෙමෙහයවා ගන්න වෙර දරන කමිකරුවන්ට අවුරුද්දකට වතාවක් සැලසෙන එකම අස්වැසිල්ල වාර්ෂික වැටුප් වර්ධකයයි.

ආරෝහන පිළිවෙලට ඊ ගහක වෙිගයෙන් ඉහල යන ජීවන වියදම සදහා පිළිතුරු ලෙස ප‍්‍රවර්ධන කළාපයන්හි සේවක වැටුප් වාර්ශිකව ( 1500.00 1000.00 750.00 500.00 අවරෝහන ක‍්‍රමයකට ගමන් කරන්නේ පෞද්ගලික අංශයේ අවම වැටුප් තලයන් පිලිබදවද සංවෙිදී නොවන අයුරිනි.

රටෙහි විදේශ විනිමයෙන් හරි අඩකටත් වඩා වැඩි ප‍්‍රමානයක් තම රටට උපයා දෙමින් ආර්ථීක ක‍්‍රීයාවලියට මහගු දායකත්වයක් පසයන පෞද්ගලික අංශයේ කමිකරුවන් හට තම මූලික අවශ්‍යතාවයන් ඉටු කර ගැනීම සදහා රු 6700.00 ක අවම වැටුප ලබා දී ඇත්තේ රාජ්‍ය සේවක අවම වැටුප රු 16880.00 (ජීවන වියදමද ඇතුඑව ප‍්‍රමානයක පවතින තත්වයකදීය .එමෙන්ම පෞද්ගලික අංශයේ සේවක වැටුප රු 500.00 කින් වැඩි කරන්නේ රාජ්‍ය අංශයේ සේවක වැටුප 2500.00කින් වැඩි කිරීමට ප‍්‍රතිඥා දී තිබෙන වපසරියක් තුළයි

පෞද්ගලික අංශයේ සේවකයින් සහ රාජ්‍ය අංශයේ සේවකයින් දෛනික අවශ්‍යතාවන් සදහා භාන්ඩ හා සේවාවන් වෙනුවෙන් එක සමාන මිලක් ගෙවන තත්වයක , තමන් ලබන වැටුප මෙවැනි ආකාරයෙට එකකට එකක් වෙනස් පැවතීම බෝහෝ සමාජීය අර්බුද ඇති කරන්නක් බව වගකිව යුත්තන්ගේ අවධානයට යොමු විව යුතු තත්වයක් මෙි වන විට උද්ගත වෙමින් පවතී

මෙි වන විට නිල හා නොනිල වශයෙන් ප‍්‍රකාශයට පත්කර ඇති ආකාරයට කටුනායක කළාපීය වැටුප් වැඩි කිරීමට නියමිත පහත පරිදි වෙි


ටොරයිඩි ආයතනය 1800.00
බ‍්‍රාටෙක්ස් ආයතනය 1300.00
නයිගයි ආයතනය 1000.00
මිරායි ආයතනය 700.00
එවරස්ටි ආයතනය 1000.00
ඒටීජී ග්වුස් ආයතනය 500.00 /මාස හතරකට පෙර 1000ක් වැඩි කර ඇත
බ‍්‍රැන්ඩින්ස් ආයතනය 600.00 / මෙි පිලිබද සාකඡුචා කරමින් පවතී
ස්මාර්ටි ෂර්ටි ආයතනය 600.00 / පැමිණිමෙි දිමනාවට 200ක් වැඩි කර ඇත
හයිඩිඩ‍්‍රාමණි ආයතනය 1000.00
ස්්ටාර් ගාමන්ට් ආයතනය 500.00

2010.01.17

No comments:

Post a Comment