Tuesday, February 16, 2010

කටුනායක ආයෝඡන ප‍්‍රවර්ධන කලාපයට නුදුරින් කාන්තා මළ සිරුරක් සොයා ගනි.

කටුනායක ආයෝජන ප‍්‍රවර්ධන කළාපයට ඉතා ආසන්න ප‍්‍රදේශයක් වන ලියනගේමුල්ල, ජයවර්ධන පුර . වෙළබඩපාර, ආසන්නයේ ලදු කෑලෑවක තිබී ඝාතනයකර අභිරහස් ලෙෂ සගවා තිබූ කාන්තා මළ සිරුරක් අද උදෑසන (2010/02/16 පොළීසිය විසින් සොයා ගන්නා ලදි.

පෙර දින හවස් වරුෙවි සෙල්ලමි කරමින් සිටි කුඩා ළමුන් පිරිසක් මෙම මළ සිරුර දැක අසල් වාසින්ට දැනුම් දී ඇති අතර, අසල්වාසින් විසින් පොලිසියට ලබා දුන් තොරතුරක් මත අද දින සිද්දිය වු ස්ථානය සීදූව පොළීස්ථානයේ නිළධාරීන් විසින් පරීක්ෂාවට ලක් කරන ලදි

මෙයට මාස දෙකකට අාසන්න කාළයකට පමණ පෙර මරා වල දමන්නට ඇති බවට සැක කෙරෙන අතර මෙම මළ සිරුර අවුරුදු 25ත් 30ත් අතර කාන්තාවගේ ගේ බවට සැක කරනු ලබන අතර මැය ආයෝඡන ප‍්‍රවර්ධන කළාපයේ සේවිකාවක් වීමට ඉඩ ඇති බවට සැක මතුව තිෙබි.

මහේස්ත‍්‍රාත් පරික්ෂණ කටයුතුවලින් පසු මෙම මෘත දේහය පිලිබද පශ්චාත් මරණ පරික්ෂණය මිගමුව දිසා රෝහලේ ප‍්‍රධාන අධිකරණ වෛද්‍ය චන්න පෙරේරා මහතා විසින් පවත්වන ලද අතර , මළ සිරුර හදුනා ගැනීෙමි ඉදිරී පරීක්ෂන කටයුතු සීදූව පොළිස්ථානයේ මැදිහත්වීමෙන් සිදු කරණු ලබයි.

No comments:

Post a Comment