Friday, January 29, 2010

පෞද්ගලික අංශයට රු 2500.00 ක වැටුප් වැඩි කීරීමක් සිදු කරන බව ප‍්‍රකාශ කිරීම හුදු මැතිවරන ප‍්‍රකාශයක්


ශ‍්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට අයත් සේවකයින් ඇතුඵ පෞද්ගලික අංශයෙ සේවකයින් සදහා රු 2500.00 ක වැටුප් වැඩි කිරීමක් සිදු කරන බව රජය විසින් ප‍්‍රකාශ කරීම කමිකරුවන් මුලා කරමින් හුදු මැතිවරණය සදහා ඔවුන් පාවිචිචි කරීමක් බව පැලිවම පෙනී යයි .
ඇගඵම් ක්‍ෂේත‍්‍රයේ කම්කරුවන්ගේ අයිතිවාසිකම් සදහා වූ ව්‍යාපාරය (ALaRM
GSP සහනය අඛණ්ඩව පවත්වාගෙන යාම ජීවත් වීමට සරිලන වැටුපක් ,සේවක අර්ථ සාධක අරමුදලෙහි පොළී අනුපාතිකය ඉහළ නැංවීම, නිදහස් වෙළද කලාප සේවකයින්ගේ සංවිධානවීමේ හා සාමූහික කේවල් කිරීමේ අයිතිවාසිකම් තහවුරු කිරීම, ගරුත්වයෙන් යුතු ජීවන වටපිටාවක් පෞද්ගලික අංශයේ කම්කරුවන් වෙනුවෙන් (විශේෂයෙන් ඇගඵම් ක්‍ෂේත‍්‍රයේ/ රාජ්‍ය ප‍්‍රතිපත්තියක් , ඇති කර ගැනීම යන ඉල්ලීමි ඉදිරිපත් කිරීම සදහා ළග එන ජනාධිපතිවරණයට ඉදිරිපත් වී ඇති ප‍්‍රධාන අපේෂකයින්ගෙන් ලිඛීත ඉල්ලීමක් සිදු කරන ලදි
එම ඉල්ලීම අනුව ජනාධිපතිධූර අපේක්‍ෂක සරත් ෆොන්සේකා මහතා සමග සාකච්ඡුාවක් 2010 ජනවාරි මස 12 වන දින අප නියෝජිතයින්ට ලබා දී තිබූ නමුත් එම සාකච්ඡුාවට ව්‍යාපාරික ප‍්‍රජාවද සහභාගී වී සිටි බැවින් එහිදී සේවක ප‍්‍රශ්න ඉදිරිපත් කිරීමට ALrRM නියෝජිතයින් හට අවස්ථාවක් නොලැබිණි.
ඉන් පසු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ජ්‍යේෂ්ඨ උපදේශක වන බැසිල් රාජපක්‍ෂ මහතා සමග ALaRM නියෝජිත සංවිධාන කිහිපයක් ජනවාරි මස 18 වන දින සාකඡ්චාවක් පවත්වන ලදි එහීදී පෞද්ගලික අංශය වෙනුවෙන් 2010 වැටුප් සංශෝධනය කරමින් ශ‍්‍රී ලංකා ආයෝජන මණ්ඩලය රු. 500.00 ක වැටුප් වැඩි කිරීමක් පමණක් නිර්දේශ කිරීමේ ඇති අසාධාරණයත් එම නියෝජිතයින් විසින් කරුණු සහිතව පෙන්වා දී ඇත. එම සාකච්ඡුාවේදී පෙන්වා දුන් කරුණු කෙරෙහි අවධානය යොමු කරමින් රාජ්‍ය අංශයේ සේවකයින් හට රජය ප‍්‍රකාශයට පත් කර ඇති රු. 2,500.00 ක වැටුප් වැඩි කිරීම ශ‍්‍රී ලංකා ආයෝජන මණ්ඩලය මගින් ක්‍ෂණිකව ක‍්‍රියාත්මක කිරීමටත් පෞද්ගලික අංශයේ අනෙකුත් සේවකයින් හට පඩි පාලක සභා මගින් එම වැටුප් වැඩි කිරීම ලබා දීමටත් කතිකාකර ෙගන අැති අතර එය ජනාධිපතිතුමා සමග සාකච්ඡුාකර ක‍්‍රියාත්මක කිරීම සදහා ක්‍ෂණිකව පියවර ගන්නා බව බැසිල් රාජපක්‍ෂ මහතා ප‍්‍රකාශ කර ඇත .

එම එකගතාවයට අනුව එහි ප‍්‍රායෝගික පියවරයන් සාකච්ඡුා කිරීමට ALaRM නියෝජිතයන් 2010 ජනවාරි මස 19 වන දින ශ‍්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්‍ෂක ජනරාල් ධම්මික පෙරේරා මහතා සමග සාකච්ඡුාවක් පැවැත්වුණි. එහිදී පවත්වන ලද දීර්ඝ සාකච්ඡුාවකින් පසුව ශ‍්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අනුමැතිය යටතේ පවතින සියඵම ආයතනවල සේවකයින් 2009 දෙසැම්බර් මස ලබා ගත් මාසික මූලික වැටුප 15% කින් ජනවාරි මස සිට වැඩි කිරීම සදහා පියවර ගැනීමට එකගතාවයකට පැමිණි අතර එම එකගතාවය ජනාධිපති වෙත දන්වා ක‍්‍රියාත්මක කිරීමට ක්‍ෂණිකව පියවර ගන්නා බව ධම්මික පෙරේරා මහතා අප නියෝජිතයින්ට ප‍්‍රකාශ කරන ලදී.

තත්වය එසේ තිබියදී එදිනම රාත‍්‍රී රජයට අයත් විද්්‍යුත් මාධ්‍යය මගින් කම්කරු අමාත්‍යවරයා විසින් නිකුත් කරන ලද ප‍්‍රකාශනයකිත් රාජ්‍ය අංශයට වැඩි කළ රු. 2,500.00 ක වැටුප් වැඩිවීමට සමගාමීව පෞද්ගලික අංශයේ වැටුප් වැඩිවීමක් සියඵම පඩි පාලක සභා මගින් වහාම ක‍්‍රියාත්මක කරන ලෙසටත් මෙම වැටුප් වැඩිවීම ශ‍්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට අදාල සියඵම සේවකයින්ටද ක‍්‍රියාත්මක කළ යුතු බවටත් අවධාරණය කර ඇත.
පඩි පාලක සභා මගින් පෞද්ගලික අංශයේ වැටුප් වැඩි කිරීම ශ‍්‍රී ලංකා ආයොජන මණ්ඩලය විසින් කරනු ලබන වැටුප් වැඩි කිරීමේ ක‍්‍රම වේදයන් දෙකක් වේ. එනිසා ALaRM නියෝජිතයින් හට එකග වූ පරිදි ශ‍්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට අයත් සේවකයින්ගේ දැන් පවතින මූලික වැටුප 15% කින් වැඩි කිරීමට නිර්දේශ කරමින් නිකුත් කිරීමට නියමිත චක‍්‍රලේඛනය මෙතෙක් ශ‍්‍රී ලංකා ආයෝජන මණ්ඩලය විසින් නිකුත් නොකිරීම පිළිබදව ALaRM නියෝජිනයින් පුදුමයට පත් වී ඇත විශේෂයෙන්ම ජනාධිපතවරයාගේද එකගතාවය ඇති මෙම වැටුප් වැඩි කිරීම 2010 ජනවාරි මස සිට ක‍්‍රියාත්මක කරන බවට ශ‍්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්‍ෂක ජනරාල් ධම්මික පෙරේරා මහතා එකගවී තිබියදීත් ෙමි දක්වා එය ක‍්‍රීයාත්මක කර නැත
කිසියම් හේතුවක් නිසා එකගවූ පරිදි ශ‍්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට අයත් සේවකයින්ගේ වැටුප් 2010 ජනවාරි මාසයේ සිට වැඩි කරමින් චක‍්‍රලේඛනයක් නිකුත් නොවුවහොත් මෙය තවත් ඡුන්ද පොරොන්දුවක් පමණක් බව පැහැදිලිවම පෙනී යයි
කෙසේ වෙතත් එකග වූ පරිදි ශ‍්‍රී ලංකා ආයෝජන මණ්ඩලය විසින් එම චක‍්‍රලේඛනය නිකුත් කිරීම තව දුරටත් ප‍්‍රමාද නොවනු ඇතැයි නිදහස් වෙළද කලාප වල සහ ඇගඵම් කර්මාන්තශාලාවල සේවක සේවිකාවන් විමසිල්ලෙන් බලා සිටී.

2010/01/23

No comments:

Post a Comment