Tuesday, March 23, 2010

අස්වයා පැන ගිය පසු ස්ථාලය වසා දැමිම හෙවත් MAS ප‍්‍රතිපත්තිය.





ඒ 2010 /01/09 දින සුපුරුදු ලෙස ඉරේෂා කුමුදුනී සේවා මුරය අවසන් කර, තමාගේ නවා තැනට යාම සදහා ආයතනය විසින් සැපයු ප‍්‍රවාහන සේවයේ බසයට ගොඩ විමට පාමිණ ඇති අතර, ඩ‍්‍රයිවර් මහතාටවත් පාලනය නොවන මිනුවන්ගොඩ දක්වා ප‍්‍රවාහනය වන බස් රථය එක පෙලට තිබු නිට්ටඔුව බස් රථයේ පැති කණ්නාඩියත් ගලවා ගෙන අැයැග් ජීවිතය පැහැර ගත්හ.

ෙමි සිද්ධීය පිලීබද බොහෝ දෙනා පසු ගිය කාළය පුරා විවිද පැතිකඩයන් ඔස්සේ සාකඡ්ඡුාවට ලක් කරනු අසන්නට ලැබුනි. කෙසේ නමුත් අඟුනුකොළපෑලෑස්ස , බිංකම ප‍්‍රදේශයෙන් කොළඔ පැමිණ කටුනායක නිදහස් වෙලද කලාපයේ සැඩෝ ලයින් ආයතනයේ අවුරුදු 12ක් 5 B පේළියේ මැෂින් ක‍්‍රීයාකරවන්නියක් ලෙස සේවය කර ආයතනයේ භූමියට ආසන්න තම ආයතන රථගාලේදි ආයතනයේ වාහනයකටම යට වි මිය යාම එහි සාරංශගත සිද්ධීයයි. එ් වන විට ඇය දරු දෙදෙනෙකුගේ මවක් වූ අතර සිදධීය වු සෙනසුරාදා දින ඡන්දය වෙනුවෙන් ආවරන වැඩ දිනයකි

සිද්ධීයෙන් පසු ආයතනය ෙමි සිදු විම සමිබන්දව ඉතා සංෙවිදිව කටයුතු සිදු කල බවට සේවකයින් සාක්ෂි තබයි. මළ ගෙදරට අවශ්‍ය සයලූම මුලික කටයුතුත් , වියදමත් , සත්වන දින දානය තෙක් අවශ්‍ය කටයුතුත් , සැලකිය යුතු වන්දියකුත් , අවමංගල දින මුලූ ආයතනයටම අවශ්‍ය නිවාඩුත් , ගමන සදහා බස් රථ 18ක් හා ආහාර සපයමින් මෙන්ම වෙනත් සිමලූම පහසුකමි සපයමින් ආයතනය තම සේවකයාට උපරිම කෘතෙවිදිත්වය පල කලහ.මෙය සත්‍ය වශයෙන්ම පැසසිය යුත්තකි. නමුත් මෙරට ඇගලූමි කේෂ්ත‍්‍රයේ අංක එකේ ආයතනයක් ලෙස සලකන සැඩෝලයින් ආයතනයේ සේවක ආරක්ෂනය පිලිබද පරිපාලන තින්දු ඉතාමත් පහත් මට්ටමක පැවතිමට සාක්ෂි මෙම කමිකරු කාන්තාවගේ මරණය තහවුරු කරනු ලබයි .පවතින තොරතුරු වලට අනුව මෙම බස් රථය හා තවත් බස් රථ කිහිපයක්ම සේවක ප‍්‍රවාහන කටයුතු සිදු කරන්නේ ඉතාමත් අබලන් තත්වයක පවතින තත්වයක බව වාර්ථා ෙවි .එම තොරතුරු වලට අනුව සමහර අවස්ථාවන්හිදී මහමග නවතින හරි ආකාරව ඩ‍්‍රයිවර්ට පාලනය කර ගත නොහැකිව ඔහේ ඇදි යන බසය, නවතා ගන්නේ පාර මැද බාදක තබාගෙනයි. සමහර විට බසය තුල ඉංජිමෙන් හිටි හැටිෙය් ගිනි ගොඩක් වැනි දුමකින් මුලූ බස් රථයම වැසී යන බවද වාර්ථා වේ . ඩ‍්‍රයිවර්ට අවශ්‍ය තැන නොව බසය නවත්ින්නේ බසයට අවශ්‍ය තැනයි. කිසිම ආකාරයක නඩත්තුවක් මෙම බස් රථ තුල සිදු නොවන බවට සාක්ෂි මෙම තත්වයන් තුල පැහැදිලි වෙයි . එවැනි තත්වයක තිබු බස් රථ අලූත්වැඩියා කරන්නට ,බසයට රියදුරු සහයක වරයෙකු හෙවත් කොන්දෙස්තර වරයෙකු යෙදිමට බස්රථ නවතා තබන රථගාල ආරක්ෂිත ස්ථානයක් දක්වා වෙනස් කිරීමට , ඵ්ී වැනි ව්‍යාපාරයක් , සේවිකාවක් අවාසනාත්මක ලෙස මිය යන තෙක් සිටිම ඇත්ත වශයෙන්ම කනගාටුවට කරුනකි.

ලංකාව තුල ඇගලූමි කර්මාන්ත ක්ෂේත‍්‍රයේ අංක 01ට තම ආයතනය ඔසවා තබන්නට ගත් පරිපාලන තිනිදු වලින් දශමයක කොටසක් මෙම ආයතනයෙන් ෙමි තත්වය දක්වා ගෙන යන්නට උරදුන් කමිකරුවන්් ගේ සුභසාධනය හා ආරක්ෂනය වෙනුවෙන් සැපයුයේ නමි මෙවැනි අදුරු සලකුනු ආයතනයේ ඉතිහාසයට එක් නොවනු ඇත.

No comments:

Post a Comment