Tuesday, March 23, 2010

හයිකාවා ආයතනය තාවකාළිකව වසා දැමේ




මීට මාස කිහිපයක සිට කටුනායක නිදහස් වෙළද කළාපයේ පලමු අදීයරේ පිහිටා ඇති හයිකාවා පෞද්ගලික ආයතනයේ සේවක සේවිකාවන් දඩි අර්බුධකාරී තත්වයකට මුහුන දෙමින් සිටී අතර ආයතන හිමියන්ගේ කොටස් පිලිබද ගැටුඑවක් ඊට බලපා තිබිනි . මේ වන විට ඒ පිලිබද බඩු විභාගයක් පවත්වමින් තිබෙන අතර එය නැවත විභාගයට ගැනීම 2010/03/30 දින තෙක් කල් තබා ඇත.

තත්වය එසේ පවතිද්දී , ආයතනයේ නිෂ්පාදන කටයුතු කිසිත් සිදු නොවුනු නමුත් සේවකයන් නිතිපතා ආයතනයට පැමිනීම මේ වන තෙක් සිදු වෙමින් පැවතිනි . පාලනාධිකාරය විසින් ආයතනයේ සේවකයින් වෙත වැටුප් ලබා දීම නිසි ආකාරයෙන් සිදු නොකල අතර අවසාන වශයෙන් පසුගිය 12 වන දින ජනවාරී මාසයේ වැටුප සේවකයන් වෙත ලබා දෙන ලදි.

එවැනි පසුබිමක තම රැුකියාවේ අවශ්‍යතාවය වෙනුවෙන් සියල්ල විදදරා ගනිමින් දෛනිකව සේවයට වාර්ථා කළ කම්කරුවන් 2010 /03 /22 වන දින සේවයට වාර්ථා කරන ටිට ආයතනය තාවකාළිකව 2010/04/01 දක්වා වසා දමන බවට ප‍්‍රදර්ශනය කර තිබීම තූල සේවකයින් තැවත වරක් මහත් අපහසුතාවයට පත් කර ඇත .

මන්ද , 2010/04/01 දින සිට සති අන්ත නිවාඩුවත් ඉන් පසු මාතිවරන නිවාඩුවත් ඉන් පසු අවුරුදු නිවාඩුවත් පැමිණෙන අතර මීට පෙර අවම වශයෙන් පෙබරවාරී මස වැටුප හෝ තමන් අතට පත් ෙවි යැයි තිබු අවසාන බලාපොරොන්තුවද මෙම තත්වය තුළ ෙසේවකයින් හට අහිමි කර ඇත.

No comments:

Post a Comment